විදුලි ගාස්තු සංශෝදනය ගැන මහජන සැසියක් අද.

යෝජිත විදුලි ගාස්තු සංශෝදනය පිළිබඳව මහජන අදහස් ලබාගැනීම සඳහා විශේෂ මහජන උපදේශන සැසියක් අද පෙරවරු 09.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

මෙහිදී ජුලි මස පළමුවැනිදා සිට ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇති විදුලි ගාස්තු සංශෝදනය සම්බන්ධයෙන් මහජනතාවට අදහස් ඉදිරිපත් කිරීමට හැකියාව පවතින බවත් , වෘත්තීය සමිති , සිවිල් සංවිධාන සාමාජිකයින් ඇතුළු ඕනෑම අයෙකුට මේ සඳහා අදහස් ලබා දීමට හැකියාව පවතින බවත් මහජන උපයෝගීතා කොමිසම සඳහන් කර තිබේ.

Exit mobile version