මීට පෙර සිංහරාජයේ අලි දෙපලක් සිටි නමුත් මේ වන විට එක් අලියෙකු අතුරුදහන්ව තිබේ.දැනට ඉතිරිව සිටින එකම අලියා පොතුපිටිය අවට දැකිය හැකිය.
සිංහරාජය තුල විවිධ අපචාර සිදු කර තිබූ නඩු ගණනාවක් තිබෙන පුද්ගලයෙකුට මෙම අලියා විසින් පහර දී මරා දමා තිබේ.සිංහරාජ ,පොතුපිටිය ,මානික්කවත්ත ප්රදේශයේදී මෙම අලි ප්රහාරය සිදුව තිබේ.එම ප්රහාරයට ලක් වූ පුද්ගලයාට දැඩි ලෙස හානි සිදු වී තිබේ.
වාර්තා වන ආකාරයට මීට පෙර මෙම පුද්ගලයාගේ පුතෙකු විසින් මෙම අලියාට හිරිහැර කර තිබේ.ඔවුන් සියලු දෙනාම සිංහරාජය තුළ තිබෙන ගස් වැල් වනසා සතුන් දඩයම් කරන පුද්ගලයන් බව පවසයි.
සිංහරාජ සීමාව තුළ විවිධ හෝටල් ඉදිකිරීමට ,එම වනාන්තරයේ ඉහළ ප්රදේශවල විවිධ ස්ථාන මේ වන විටත් කැලෑ පාලුවන් විසින් විනාශ කරන බවද දක්නට තිබේ.
පසුගිය කාල වකවානුව තුල මෙම ප්රදේශයේ හෝටල් ඉදිකිරීම පිළිබඳ දැඩි ජනතා අප්රසාදයක් පැවතුණි.
සොබා දහම නසන්නෝට සොබා දහමට අයිති කොටස් මගින්ම දඩුවම් ලබා දෙන අතර කොටසක් මුදල් බලයෙන් මේවා විනාශ කරද්දී තවත් කොටසක් අනෙකුගේ මනදොළ පිනීම වෙනුවෙන් සොබාදහම විනාශ කරයි.
මේ සියලුම දෙනාට විවිධ ආකාරයේ ස්වභාවදහම මගින්ද දඩුවම් ලබා දෙන අයුරු අපට නිරන්තරයෙන්ම දැකගත හැකිය.