රජරට විශ්වවිද්‍යාලයට අයත් මිහින්තලේ පිහිටා ඇති පිහිනුම් තටාකයේ දිය නෑමට ගිය සිසුවකු ඊයේ (27) දියේ ගිලී මියගොස් ඇති බව වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ පළමු වසරේ සිසුවෙකි.
ඊයේ සවස් කාලයේ එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේම මිතුරන් පස් දෙනෙකු සමග මෙම සිසුවා පිහිනුම් තටාකයේ දිය නෑමට ගොස් ඇති අතර එහිදී පිහිනුම් තටාකයේ ගැඹුරුම ස්ථානයෙන් තටාකයට බැස ඇති අතර එහිදී සිසුවා දියේ ගිලී ඇති බව සඳහන්.
මොහු මඩකලපුව ,කොකුවිල් ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි මුරුගදාස් තිලක්ෂණ නැමැති සිසුවෙකි.