වසර පහකට ආසන්න කාලයක් කල්මරමින් සිටින ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සහ නිලධාරීන්ගේ වැටුප් විධිමත්ව සංශෝධනය කිරීමට කඩිනම්ව මැදිහත් වන්නැයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් සිදු කර ඇති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ග නොගන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයන්ට යොමුවන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් සේපාල ලියනගේ මහතා ප්‍රකාශ කරයි.
2018 වසරේ සිට මේ දක්වා ශ්‍රී ලංගම කාර්ය මණ්ඩලයේ සහ නිලධාරීන්ගේ වැටුප් සංශෝධනය සිදු කර නොමැති බවත් මේ සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී විෂය භාර අමාත්‍යවරුන් සහ බලධාරීන් දැනුවත් කළත් කිසිදු පලක් නොවූ බවත් ඔහු පවසා තිබේ.
වසර පහක් තිස්සේ මෙම කල්මැරීම ශ්‍රී ලංගම සේවකයන්ට තවදුරටත් ඉවසිය නොහැකි බවත් මෙම ගැටලුව කඩිනමින් විසඳන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කර තිබේ.