ශ්‍රීලන්කන් සේවකයින්ට ඇමතිගෙන් රතු නිවේදනයක් .

ශ්‍රීලන්කන් ගුවන් සේවය නිසි ලෙස පවත්වාගෙන නොයන්නේ නම් ශ්‍රී ලංකාව තුළ එම සේවාවන් සැපයීම සඳහා වෙනත් ගුවන් සේවාවන්වලට අවස්ථාව ලබාදෙන බව වරාය , නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (09) පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ .

අමාත්‍යවරයා සඳහන් කළේ පසුගිය දිනවල සිදුවූ ගුවන් යානා ප්‍රමාදයන් හේතුවෙන් ඩොලර් මිලියන 6ක් පමණ අමතර වැය වූ බවයි.

Exit mobile version