දානමය පිංකමක් ලෙස සළකා විදුලි බිලට සහනයක් දෙන්නැයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි විදුලිබල අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවට වාර්තා වේ.
වෙසක් පොහෝ දිනය ජනතාවට සුවිශේෂී දිනයක් බැවින් වෙනදා ජනතාව බුදුන් සිහි කළේ අවම වශයෙන් එක් පහනක් හෝ එක් විදුලි බුබුළක් දල්වා වුවත් මෙවර ජනතාවට එසේ සිදු කිරීමට හැකියාවක් නොමැති බවත් ජනතාව ඒ පිළිබඳව මැසිවිලි නගන බැවින් වෙසක් පොහෝ දිනවත් ජනතාවට සහනයක් ලබා දෙන ලෙස උන්වහන්සේ විදුලිබල අමාත්‍යවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.