ප්‍රංශ ජනපතිගෙන් ඉල්ලීමක්.

ඊශ්‍රායලය ,ගාසා තීරයේ දරුවන් සහ කාන්තාවන් ඝාතනය කිරීම නැවැත්විය යුතු බවට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් පවසා ඇති බව වාර්තා වේ.

විදෙස් මාධ්‍ය නාලිකාවක් සමග එලීසි මාළිගාවේදී පැවති විශේෂ සාකච්ඡාවකදී ප්‍රංශ ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ඊශ්‍රායලය තම ආරක්ෂාව තර කර ගැනීම අනුමත කරන අතරම ,හමාස් සංවිධානයේ ත්‍රස්ත ක්‍රියාද හෙළා දකින බවයි.

එහෙත් ඊශ්‍රායලයට ළදරුවන් ,කාන්තාවන් සහ වයස්ගත පුද්ගලයන් බෝම්බ හෙළා ඝාතනය කිරීම හේතුවක් හෝ නීත්‍යානුකූල භාවයක් නොමැති බැවින් ප්‍රහාර එල්ල කිරීම නවත්වන ලෙසටයි ජනාධිපතිවරයා ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ .

Exit mobile version