පෞද්ගලික බස් රථයක් සහ යතුරුපැදියක් එකිනෙක ගැටී සිදුවූ අනතුරකින් විශ්‍රාමික පොලිස් නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
අනුරාධපුරය – හොරොව්පතාන පෞද්ගලික මගී බස් රථයක් මිහින්තලේ කන්නට්ටිය ප්‍රදේශයේදී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක මුහුණට මුහුණ ගැටී එම අනතුර සිදුවී ඇත.
මෙලෙස ජීවිතක්ෂයට පත්වී ඇත්තේ යතුරුපැදියේ ගමන්ගත් අනුරාධපුර – කලත්තෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 61ක් හැවිරිදි විශ්‍රාමික උප පොලිස් පරීක්ෂකවරයෙකි.
මෙම බස් රථය තුළ ගමන්ගත් මගීන් 04 දෙනෙකුද තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති අතර, බස් රථයේ රියදුරුද තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මිහින්තලය පොලීසිය විසින් සිදු කරනු ලබයි.