ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රීඩාංගණ 03කට අදාළව LED ස්ක්‍රීන් 03ක් මිලදී ගැනීමට ටෙන්ඩර් කැදවා එය විවෘත කිරීමට පෙර ඇමෙරිකානු ඩොලර් 29,000ක් ලබාදී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (01) පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ බව වාර්තා වේ.
මෙම LED ස්ක්‍රීන් 03 මෙරටට රැගෙන ඒමේදී බදු වශයෙන් ගෙවා ඇත්තේ රු.ලක්ෂ 65ක් පමණක් බවත් එය නියමිත බදු මුදලට වඩා අඩු බවත් විපක්ෂ නායකවරයා එහිදී සදහන් කර තිබේ.