ඉන්ධන මිලේ සංශෝදනයක්.

ඉන්ධන මිලෙහි සංශෝදනයක් අද (29) මධ්‍යම රාත්‍රියේ සිට  සිදු කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 135කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 375කි.ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටයක මිල රුපියල් 60කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 340ක් බව වාර්තා කරයි.

එමෙන්ම ඩීසල් මිල රුපියල් 80කින් ද , භූමිතෙල් මිල රුපියල් 10 කින් ද පහළ ගොස් ඇති බව වාර්තා වේ.

Exit mobile version