ගංගාවක් විෂ පෙනවලින් වැසීයයි.

බ්‍රසීලයේ සාවෝ පාවුලෝ හි දිගම ගංගා මෙන්ම එම ප්‍රදේශයේ දුෂිතම ගංගාව ලෙස සැලකෙන ටියෙට් ගංගාව මේවනවිට විෂ සහිත පෙණවලින් සම්පුර්ණයෙන් වැසී ගොස් ඇති බව වාර්තාවේ.

ටියෙට් ගංගාව කලාපයට ජලය සපයන ප්‍රධාන ජල මූලාශ්‍රය ලෙස සැලකන අතර  සාවෝ පාවුලෝ හි දූෂිතම ගංගාව ලෙසද එය වාර්තා අතරට එක් වී ඇති බව එරට පරිසරවේදීන් සදහන් කර තිබේ.

බ්‍රසීලයේ ජනගහනය වැඩිම නගරයක් වන සාවෝ පාවුලෝ හි ටියෙට් ගංගාව ආශ්‍රිත ප්‍රදේශයන් දැඩි දුඟද ක් හමා එන බවත් එහි ජනතාවගේ  ජීවිතයට බාධා එල්ල වී ඇති බවත් වාර්තාවේ.

එමෙන්ම මෙම හේතුවෙන් නගර වැසියන්ගේ සෞඛ්‍ය  තත්ත්වයනටද  දැඩි අවදානමක් එල්ල වී තිබේන අතර ගංගාවේ ජලජ ජීවීන් රැසක් මියයාම හේතුවෙන් ධීවර ප්‍රජාවට ප්‍රබල බලපෑමක්  එල්ල වී තිබේ.

ගංගාවේ මෙම අහිතකර තත්ත්වයට ප්‍රධානවශයෙන් බලපා ඇත්තේ  විවිධ කර්මාන්තශාලා මඟින් හොර රහසේ ගංගාවට බැහැර කරන විවිද රසායනික ද්‍රව්‍ය හේතුවෙන් බව පරිසරවේදීන් පවසා ඇත.

Exit mobile version