ජනතා විරෝධයකින් පාරක් අවහිර වෙයි.

ජනතා විරෝධයක් හේතුවෙන් මේ වනවිට කොළඹ – වැල්ලවාය ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව වාර්තා වේ.

වැල්ලවාය වෙහෙරයාය ප්‍රදේශයේ පවතින වනඅලි ගැටලුවලට විසඳුමක් ඉල්ලා මේ වනවිට වැල්ලවාය තණමල්විල ප්‍රධාන මාර්ගය වැල්ලවාය වෙහෙරයාය ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් අවහිර කරමින් විරෝධය පැවැත්වෙන බව සදහන්.

ඒ හේතුවෙන් කිලෝමීටර් ගණනක මාර්ග තදබදයක් හටගෙන ඇති බවද වාර්තා වෙයි.

විසඳුමක් ලබාදෙන තෙක් උද්ඝෝෂණය සිදුකරන බවට ගම්වාසීන් පවසති.

Exit mobile version