අත්තිඩිය වනජීවී රැදවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටි දුර්ලභ කළු වඳුරන් තිදෙනකු සොරාගෙන ගොස් ඇතැයි ගල්කිස්ස මූලස්ථාන පොලීසිය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
ඒ බව පැමිණිලි කර ඇත්තේ අත්තිඩිය වනජීවී රැදවුම් මධ්‍යස්ථානයේ අඩවි ආරක්ෂක නිලධාරී ජීවන් හපුආරච්චි මහතා විසිනි.
මෙම කළු වඳුරන් තිදෙනා ඊයේ අලුයම් කාලයේ සොරාගෙන ගොස් ඇති බවට අඩවි ආරක්ෂක නිලධාරියා කළ පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැති බව සදහන්.