ඊයේ (14) යාපනය , කෝපායි හන්දියේ දී මාර්ග සංඥා නොතකා ධාවනය කළ ටිපර් රථයකට යට වීමෙන් කෝපායි සමෘද්ධි බැංකුවේ කළමණාකාරවරිය එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ .
ඇය සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී කෝපායි හන්දියේ විදුලි සංඥා පුවරුවේ රතු බල්බය දැල්වී ඇති අතර එම විදුලි සංඥාව නොතකා ඉතා වේගයෙන් ගමන් කළ ටිපර් රථය ඇයගේ යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන් .
අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගෞරී මලර් නැමැති 52 හැවිරිදි කාන්තාවකි.
කෝපායි පොලිසිය විසින් අනතුර සිදු කළ ටිපර් රථයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර විමර්ශන කටයුතු කෝපායී පොලිසිය විසින් සිදු කරනු ලබයි .