පාසලක වෙඩිතැබීමක් – දරුවෙකු මියයයි.

අමෙරිකාවේ අයෝවා ප්‍රාන්තයේ පාසලක වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තා වේ. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් දස හැවිරිදි දරුවෙකු මියගොස් ඇති බවයි. 

වෙඩි තැබීමෙන් තවත් දරුවන් හතර දෙනෙකු සහ පාසලේ කාර්ය මණ්ඩල සාමාජිකයෙකුද තුවාල ලබා තිබේ. 

වෙඩි තැබීම සිදුකර ඇත්තේ, එම පාසලේම ඉගෙනුම ලැබූ 17 හැවිරිදි එම පාසලේ සිසුවෙකි.

පාසල ආරම්භ වීමට පෙර අදාළ වෙඩික්කරු පාසලට ඇතුළු වී ඇති අතර වෙඩි තැබීමෙන් අනතුරුව ඔහු සිය දිවි හානි කරගෙන ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

එරට බලධාරීන් සදහන් කළේ, වෙඩික්කරු රැගෙනවිත් ඇතැයි සැක පල කෙරෙන පුපුරණ ද්‍රව්‍ය සහිත උපකරණයක්ද, පාසලේ තිබී සොයාගත් බවයි.  

Exit mobile version