පාසල් සිසුවෙකු දියේ ගිලී ම්යයයි.

ගලබඩ දිය ඇල්ලේ ගැඹුරු වලක දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලි අද (26) පස්වරුවේ ජිවිතක්ෂයට පත් වි ඇති බවට නාවලපිටිය පොලිසිය පැවසූ බව වාර්තා වේ..

මෙසේ දියේ ගිලි ජිවිතක්ෂයට පත් වී ඇත්තේ කඩුගන්නාව පනාබොක්ක ප්‍රදේශයේ පදිංචි පසිදු චමෝද් නැමති 15 හැවිරිදි පාසල් සිසුවෙකි.

එම සිසුවා කඩුගන්නාව ජාතික පාසලේ 10 වසරේ අධ්‍යාපනය ලබන සිසුවෙකු බවත්,ජිවිතක්ෂයට පත් සිසුවා ඔහුගේ මිතුරන් කිහිපදෙනෙකු සමග දුම්රියෙන් ගලබඩ ප්‍රදේශයට පැමිණ දිය නාමට ගොස් ඇත.

අසල්වාසින් සහ ගලබඩ දිය ඇල්ල නැරඹිමට පැමිණ සිටි පිරිසක් දියේ ගිලි සිටි සිසුවා ගොඩට ගෙන සුව සැරිය ගිලන් රථයෙන් නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත රැගෙන යන අවස්ථාවේ මියගොස් ඇති බවට නාවලපිටිය පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වනු ලබයි.

Exit mobile version