පාසල් සිසුවෙකුගේ දිවි අහිමි වෙයි.

කාත්තන්කුඩි ප්‍රදේශයේ කල්මුණ – මඩකලපුව මාර්ගයේ සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුවෙකු මියගොස් ඇති බවට වාර්තා වේ.

ඊයේ (27) රාත්‍රියේ කල්මුණ – මඩකලපුව මාර්ගයේ නාවක්කුඩා ප්‍රදේශයේදී කාත්තන්කුඩි දෙස සිට මඩකලපුව දෙසට ගමන් කළ පාපැදියක් මාර්ගයේ දකුණු පසට හැරවීමට යාමේදී එම දිශාවට ගමන් ගත් වෑන් රථයක ගැටී අනතුර සිදුවී ඇත.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පාපැදිකරු මඩකලපුව රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි සුංගාවිල ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

අනතුර සිදුකළ වෑන් රථය එම ස්ථානයෙන් පළාගොස් ඇති අතර කාත්තන්කුඩි පොලිසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.

Exit mobile version