පේරාදෙණියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මරුට.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකු මියගොස් ඇති බව වාර්තා වේ.

මෙලෙස මියගොස් ඇත්තේ 60 හැවිරිදි වියේ පසුවූ ලක්නාත් පීරිස් නමැති කෘෂිකර්ම පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙකි.

පොලීසිය සැකපළ කරන්නේ ඖෂධ අධිමාත්‍රාවක් සහ කෘමිනාශක ශරීරගතවීමෙන් එම මරණය සිදුව ඇති බවයි.

ඔහු සිය බිරිඳ සමග පරණ ගලහ පාර සරසවි උයන ප්‍රදේශයේ පිහිටි නේවාසික නිවාසයේ වාසය කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

Exit mobile version