මාස හතක බිළිඳියකට මහමග මරු කැඳවයි.

ඊයේ (12) රාත්‍රියේදී තංගල්ල – හම්බන්තොට ප්‍රධාන මාර්ගයේ ගොඩිගමුව ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිඳු වූ අනතුරින් මාස හතක බිළිඳියක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.

ලොරි රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිඳු වී ඇති අතර අනතුරින් ලොරි රථයේ රියදුරු , වෑන් රථයේ රියදුරු , වෑන් රථයේ රියදුරුගේ බිරිඳ සහ දියණියන් තිදෙනෙකු බරපතළ තුවාල ලබා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මාස හතක බිළිඳිය ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන් වේ.

එමෙන්ම ලොරි රථයේ රියදුරු වැඩි දුර ප්‍රතිකාර සඳහා මාතර රෝහල වෙත මාරු කර යවා ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් තංගල්ල පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිඳු කරන බව වාර්තා වේ.

Exit mobile version