ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකාවක් හදිස්සියේම රතු මුහුදට.

හවුති සටන්කාමීන්ට එරෙහිව ශ්‍රී ලංකා නාවික හමුදාවේ නෞකාවක් රතු මුහුද වෙත යැවීමට පියවර ගන්නා බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති බව වාර්තා වේ.

ජනාධිපතිවරයා මෙම අදහස් පළකළේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වුණ “ශිල්ප අභිමානී 2023” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙලට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,

“යුක්‍රේනයේ යුද්ධය තියෙනවා, ගාසා වල තව යුද්ධ තියෙනවා ඒ භාණ්ඩවල බඩුමිල වැඩිවෙන්න පුළුවන්. දැනටම ඇත්ත වශයෙන්ම රතු මුහුදේ හවුති කණ්ඩායම් නැව්වලට මිසයිල යවන නිසා නැව් යන එක නැවතිලා තියෙනවා. මේ නැව් රතු මුහුදෙන් එන්නේ නැතුව දකුණු අප්‍රිකාව වටේ ගියොත් ඒකෙන්ම බඩු මිල වැඩිවෙනවා. ඒ නිසා ඒ හවුති වැඩසටහනට විරුද්ධව අපිත් එකඟවෙලා තියෙනවා. ශ්‍රී ලංකා නාවුක හමුදාවෙන් නැවක් යවන්න රතු මුහුදට මේවා ආරක්ෂා කරන්න. එහෙම නැවක් යැව්වාම සති දෙකක් තියන්න රුපියල් මිලියන 250ක් යනවා. අමාරු තැන්වල අපි ඉන්නේ. ඒක ආරක්ෂා කරන්න ඕන.”

Exit mobile version