ජපානයේ රෝහලක් තුළ වෙඩිතැබීමක් සිදුකර ඇති බව වාර්තා වෙයි.
මධ්‍යම ජපානයේ ටෝඩා නම් නගරයේ රෝහලක එම වෙඩිතැබීම සිදුකර ඇති අතර ඉන් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව සදහන්.
වයස අවුරුදු 40ක් හෝ 50ක් පමණ වූ සැකකරු යතුරුපැදියකින් පළාගොස් ඇති බව වාර්තා විය.
මේ අතර එම නගරය ආසන්නයේ පිහිටි වරාබි නම් නගරයේ තැපැල් කාර්යාලයක් තුළ පුද්ගලයෙක්ව ප්‍රාණ ඇපයට තබාගෙන සිටින බවත් වාර්තා වේ.
එම සිද්ධියට අදාළ සැකකරු සම්බන්ධ ද නැත්ද යන්න ගැන පරීක්ෂණ පවත්වනු ලබයි.