අමෙරිකාවේ නෙවාඩා විශ්වවිද්‍යාලයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
එහිදි තවත් අයෙකු තුවාල ලබා ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
වෙඩිතැබීම සිදුකළ සැකකරු ද ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාර හමුවේ ජීවිතක්ෂයට පත්ව තිබේ.
වෙඩිතැබීම් හේතුවෙන් අදාළ විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.