සරසවියක් තුළ වෙඩි තැබීමක්.

චෙක් ජනරජයේ ප්‍රාග් අගනුවර විශ්වවිද්‍යාලයක් තුළ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් 14 දෙනෙකු මියගොස් , තවත් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ .

වෙඩිතැබීම සිදුකළ 24 හැවිරිදි පුද්ගලයා පොලිස් වෙඩි පහරින් ඝාතනයට ලක්වී ඇතැයි ද සදහන් .

එම විශ්වවිද්‍යාලයේ කලා පීඨයේ ගොඩනැගිල්ලක් තුළ දී වෙඩිතැබීම සිදුවී ඇති අතර ඇතැම් පුද්ගලයන් වෙඩි වැදීමෙන් බේරීම සඳහා ගොඩනැගිල්ලෙන් පිටතට පැන තිබේ .

එරට පොලීසිය පවසන්නේ ප්‍රාග් නගරයේ කෑළෑබඳ ප්‍රදේශයක පසුගිය සතියේ පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධියට ද මෙම වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා සම්බන්ධ බවයි.

Exit mobile version