අම්පාරේ වෙඩි තැබීමක්.

අම්පාර,බණ්ඩාරදූව ,මායාදුන්න ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

මෙලෙස ඊයේ (06) රාත්‍රීයේ ඝාතනය කර ඇත්තේ අවුරුදු 42ක් වයසැති වැරන්කැටගාඩ,මායාදුන්න ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරු නිවස පිටුපස ස්නානය කරමින් සිටියදී කිසියම් පුද්ගලයකු පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබේ.

මෙම ඝාතනය කුඹුරු ඉඩමක් සම්බන්ධයෙන් ඇති වූ ආරවුලක් හේතුවෙන් සිදුව ඇති බවට අනාවරණය වී තිබේ.

ඝාතනය සිදු කළ පුද්ගලයා හදුනාගෙන ඇති අතර,ඔහු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශණ ක්‍රියාත්මක බව සදහන්.

Exit mobile version