ගුරුවරු 45,000ක හිඟයක්.

පාසල් පද්ධතිය තුළ 45,000ක ගුරු හිඟයක් පැවතියත් වසර පහකින් විද්‍යා පීඨ සහ ගුරු විද්‍යාලවලට ගුරු සිසුන් බඳවාගෙන නොමැති බවට ශ්‍රී ලංකා අධ්‍යාපනඥ සේවා කථිකාචාර්ය වෘත්තීය සංගමය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම ගුරු සිසුන්ගේ අවසන් පරීක්ෂණ ලකුණු ලබාදී ඔවුන්ට ගුරු පත්වීම් ලබාදී තිබුණත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පිළිතුරු පත්‍ර ගාස්තු ගුරු අධ්‍යාපනඥ සේවා කථිකාචාර්යවරුන්ට ගාස්තු ගෙවා නොමැති බවට උප ලේකම් එස්.එම්.පී.බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (22) පැවති මාධ්‍ය හමුවකදීය.

Exit mobile version