ඊයේ (31) දින සවස් කාලයේදී පූනෑව පොලිස් වසමේ පූනෑව නාවික හමුදා කදවුරේ ආධුනික නාවික හමුදා සෙබළුන් 320 දෙනෙකු පුහුණුව ලබමින් සිටියදී එක් සෙබළෙකු හදිසියේ රෝගාතුරව වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ.
පූනෑව පොලීසියට ලද තොරතුරක් මත විමර්ශණ ආරම්භ කර තිබේ.
මරණකරු අවුරුදු 20ක් වන තිරප්පනේ ,තලාව පදිංචිකරුවෙකි.
මෘතශරීරය වව්නියාව රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පූනෑව පොලීසිය වැඩිදුර විමර්ශණ සිදු කරනු ලබයි.