අලුත්වැඩියා කටයුත්තකදී සෙබළියක් අනතුරට.

යාපනයේ වඩමරච්චි පේදුරුතුඩුව කල්කෝවලම් යුද හමුදා කඳවුරේ අළුත්වැඩියා කටයුතු වල නිරතව සිටි සෙබළියක් නොසිතූ අවස්ථාවක දී හිස මතට කඩා වැටුණු යකඩ බාර් එකක් නිසා තුවාල ලබා රෝහල් ගත කළ බව වාර්තා වේ .

ඇයගේ හිසේ තුවාල කිහිපයක් ඇති අතර අවශ්‍ය වුවහොත් ඇයව යාපනය ශික්ෂණ රෝහල වෙත හෝ පලාලි යුද හමුදා රෝහල වෙත මාරු කර යැවීමට පියවර ගන්නා බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබේ.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ 26 හැවිරිදි යුද හමුදා සෙබළියක් වන අතර සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය සහ පලාලි යුද හමුදා කදවුරේ නිලධාරීන් විසින් සිදු කරන බව වාර්තා වේ .

Exit mobile version