බැංකු කාඩ්පතකින් මුදල් සොරා ගත් නාවික හමුදා සෙබළෙකු පුල්මුඩේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .
මෙම සැකකාර සෙබළා නවාතැන් ගෙන සිටි නිවසේ කාන්තාවගේ බැංකු කාඩ්පත සොරා ගෙන ඉන් ලක්ෂ 3 කට අධික මුදලක් ලබා ගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයකින් පසුව අදාළ සෙබළා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහුව අද (18) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව සඳහන් වේ.