වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය මුල් වරට මෙරටින් 2006 වර්ෂයේ දී හදුනා ගත් අතර එම රෝගය වැළඳුණු දකුණු පළාතේ පොල් ගස් ලක්ෂ 6000 ක් පමණ කපා දමන ලදී. ඒ අනුව මෙම රෝගයට ප්‍රතිරෝධී නව පොල් ප්‍රභේදයක් හදුනා ගත් බවත් , එය ලබන වර්ෂයේ දී ක්ෂේත්රයට මුදා හරින බවත් ශ්‍රී ලංකා පොල් පර්යේෂණායතනය ප්‍රකාශ කළ බව වාර්තා වේ.
එමෙන්ම මේ වන විට එම රෝගය ව්‍යාප්ත වූ ප්‍රදේශවල පාලන කටයුතු සාර්ථක වී ඇති බව එහි වගා සංරක්ෂණ අංශයේ ප්‍රධානී රොෂාන් ද සිල්වා මහතා සඳහන් කර තිබේ.