පොල් සහ ආහාර බෝග වගාවන්ට දැවැන්ත තර්ජනයක් එල්ල කරන සුදු මැස්සාගේ උවදුර පාලනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් Encarsia guadeloupae යන නමින් හදුන්වනු ලබන පරපෝෂිතයෙක් සොයා ගෙන ඇති අතර මෙම පරපෝෂිතයා පොල් පර්යේෂණ ආයතනයට භාරදීම කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) සිදු කළ බව වාර්තා වේ.
එමෙන්ම මෙම පරපෝෂිතයා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ රසායනාගාරවල ගුණනය කිරීම මඟින් ගොවීන්ට නොමිලයේ ලබා දීමට කටයුතු සූදානම් කර ඇති බවත් , ගම්පහ , කොළඹ , කළුතර මහනුවර , මඩකලපුව , හලාවත යන ප්‍රදේශවල සිදුකළ පර්යේෂණ මඟින් සුදු මැස්සාගෙන් සිදු වන හානිය 90% ක් දක්වා පාලනය කර ගැනීමට හැකිවූ බවත් සඳහන් වේ.