උපකාරක පන්ති පවත්වන ගුරුවරුන්ට විශේෂ නිවේදනයක් .

අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම මෙම මස 23 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් සුන්දර මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .

එමෙන්ම මෙම කාල සීමාවෙන් පසු විභාග අපේක්ෂකයන් සදහා උපකාරක පන්ති සංවිධානය කිරීම , සම්මන්ත්‍රණ පැවැත්වීම , පන්ති මෙහෙයවීම , වැඩමුළු පැවැත්වීම , අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම , ඒවා බෙදාහැරීම , විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න ලබා දෙන බවට හෝ ඒ හා සමාන ප්‍රශ්න පත්‍ර ලබා දෙන බවට පෝස්ටර් , බැනර් , අත්පත්‍රිකා , විද්‍යුත් හෝ මුද්‍රිත ලේඛන ආදිය බෙදා හැරීම සහ ප්‍රසිද්ධ කිරීම තහනම් බව ද ඔහු වැඩි දුටරත් සදහන් කර තිබේ.

යම් අයෙකු අදාළ නියෝග කා කරමින් ක්‍රියා කළහොත් ඒ සම්බන්ධයෙන්  ළගම ඇති පොලිස් ස්ථානය වෙත දැනුම් දෙන ලෙස විභාග කොමසාරිස්වරයා සදහන් කරන ලදී.

Exit mobile version