මහ බැංකුවෙන් මහජනතාවට විශේෂ නිවේදනයක්.

මේ දිනවල විවිධ වංචනික පුද්ගලයන් විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ නිල ලාංඡනය අනිසි ලෙස භාවිතා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙක් කූඨ ව්‍යාපාර ක්‍රියාත්මක කරමින් සිටින බවත් , එම කිසිදු ව්‍යාපාරයකට මහ බැංකුව කිසිදු සම්බන්ධතාවක් නොමැති බවත් මහ බැංකුව නිවේදනය කර තිබෙන බව වාර්තා වේ .

එමෙන්ම ශ්‍රී ලංකා මහ බැංකුවට අයත් ලිපි ලේඛන භාවිතා කරමින් මෙවැනි මූල්‍ය වංචා සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙසත් , එවැනි වංචනික ක්‍රියා වලට හසු නොවන ලෙසත් මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කර තිබේ.

Exit mobile version