ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර ඇති බව වාර්තා වේ.
ඒ 2022/2023 වසර සඳහා ජනාධිපති නීතිඥවරුන් පත් කිරීම සඳහා සුදුසුකම් ඇති හා ඒ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන නීතිඥයින්ට ආරාධනා කරමිනි.
අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය අගෝස්තු 25 දින වන අතර මේ පිළිබඳ වැඩි විස්තර www.presidentsoffice.gov.lk වෙත පිවිස ලබා ගත හැකි බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.