ජනාධිපති ලේකම් කාර්‍යාලය විසින් කාර්‍ය සාධක බළකා 7ක් යටතේ ආයෝජකයන් හට පහසුකම් සැලසීමේ සේවා සපයන ආයතන 54ක් ඇති කිරීම සඳහා සැලසුම් යොදා ඇති අතර රට තුළ ව්‍යාපාර හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් මෙය සිඳු කරන බව ජනාධිපති ලේකම් කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළ බව වාර්තා වේ.
මෙම ආයතනවල අරමුණු ලෙස කාර්‍යක්ෂමතාව වැඩි කිරීම සඳහා අදාළ ක්‍රියාවලි සරල කිරීම , තොරතුරු පහසුවෙන් ලබා ගැනීමට හැකියාව සැලසීම සහ ගතවන කාලය අඩු කිරීම බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන්.