ඉඩම් අයිතිය ගැන විශේෂ තීරණයක්.

ඉඩම් සංවර්ධන ආඥාපනත යටතේ ඉඩම් අවසරපත්‍ර සහ දීමනාපත්‍ර ලාභීන්ට රජයේ ඉඩම්වල පරම අයිතිය ලබාදීමට අදාළ ‘උරුමය වැඩසටහන’ යටතේ පරම අයිතිය සහිත ප්‍රදාන පත්‍රයක් නිකුත් කිරීමට අදාළව සංචාරක හා ඉඩම් අමාත්‍යවරයා කළ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව ඇති බව වාර්තා වේ.

මෙලෙස ඉඩම් අවසරපත්‍ර සහ දීමනාපත්‍ර ලාභීන් අදාළ භූමිය මානව හා සංවර්ධන අවශ්‍යතාවයන්ට යොදවා ගැනීමේදී විවිධ ගැටලුවලට මුහුණපෑමට සිදුව තිබේ.

මෙම ගැටලු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගැනීමට ඉඩම්වල පරම අයිතිය ගොවි ජනතාව ප්‍රමුඛ මහජනතාවට ලබාදීම සඳහා 2024 අයවැය කතාවේදී ජනාධිපති විසින් යෝජනා කර තිබේ.

ඒ අනුව ‘උරුමය වැඩසටහන’ යටතේ 2024 වර්ෂය ඇරඹුමේ සිට එම වැඩපිළිවෙල ආරම්භ කර වසර කිහිපයක් තුළ සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.

Exit mobile version