පසුගිය වසර හා සැසදීමේ දී මෙවර ශිෂ්‍යත්වය තුළින් දරුවන්ගේ සාධන මට්ටම ඉහළ ගොස් ඇතැයි විභාග කොමසාරිස් ජනරාල්වරයා පවසා ඇති බව වාර්තා වේ.
විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් විභාග කොමසාරිස්වරයා පැවසුවේ, කඩයිම් ලකුණ ඉහළ ගොස් ඇත්තේ, දරුවන්ගේ සාධනය ඉහළ යෑම නිසා යනුවෙනි.
ඒ අනුව පසුගිය වසර දෙකටම වඩා මෙවර ශිෂ්‍යත්ව දරුවන්ගේ යම් ප්‍රගතියක් වාර්තා වන බවත් පැවසු විභාග කොමසාරිස්වරයා, මෙය සාධනීය තත්ත්වයක් බව ද වැඩිදුරටත් සඳහන් කර තිබේ.
ප්‍රතිඵලය පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි දරුවෙක් සිටී නම් විදුහල්පතිවරයා විසින් ඒ පිළිබඳ අභියාචනා ඉදිරිපත් කළ හැකි බවත් පැවසු විභාග කොමසාරිස්වරයා, මෙවර අභියාචනා භාරගැනීමේ යම් වෙනසක් සිදුකර ඇතැයි ද පැවසීය.
ඒ අනුව අභියාචනා භාරගැනීම නොවැම්බර් මස 27 වනදා සිට දෙසැම්බර් මස 4 වනදා දක්වා මෙම මාර්ගගත පද්ධතිය විවෘත කිරීමට නියමිත බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව අභියාචනා සලකා බලා ඉතා ඉක්මනින් ප්‍රතිඵල නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ද විභාග කොමසාරිස්වරයා ප්‍රකාශ කර තිබේ.