සියලුම සිපෙට්කෝ ඉන්ධනහල් හිමිකරුවන්ගේ විශේෂ හමුවක් අද (22) පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .
මෙම හමුව කොළඹ පදනම් ආයතනයේදී අද (22) පෙරවරු 9ට ආරම්භවීමට නියමිත අතර ඒ සඳහා සියලුම ඉන්ධන හල් හිමිකරුවන්ට ආරාධනා කර තිබේ .
ඉන්ධන පිරවුම්හල්වලට දැනට හිමිවන කොමිස් මුදලින් 35% ක් නඩත්තු ගාස්තු ලෙස සංස්ථාව යළි අය කරගැනීමට සුදානම්වීම හේතුවෙන් සිපෙට්කෝ ඉන්ධන හල් වැසීයාමේ අවදානමක් මතුවී ඇති බව ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වාදෙනු ලබයි .
මේ සම්බන්ධයෙන් අද (22) දිනයේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සැලසුම්කර ඇති බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා ප්රකාශ කරන ලදී .