සියලුම සිපෙට්කෝ ඉන්ධනහල් හිමිකරුවන්ගේ විශේෂ සාකච්ඡාවක් අද .

Vector conference hall for meeting, board of directors. Business boardroom, working process. Room for shareholders in skyscraper, urban view from window. Teamwork space in cartoon space

සියලුම සිපෙට්කෝ ඉන්ධනහල් හිමිකරුවන්ගේ විශේෂ හමුවක් අද (22) පැවැත්වීමට නියමිතව තිබෙන බව වාර්තා වේ .

මෙම හමුව කොළඹ පදනම් ආයතනයේදී අද (22) පෙරවරු 9ට ආරම්භවීමට නියමිත අතර ඒ සඳහා සියලුම ඉන්ධන හල් හිමිකරුවන්ට ආරාධනා කර තිබේ .

ඉන්ධන පිරවුම්හල්වලට දැනට හිමිවන කොමිස් මුදලින් 35% ක් නඩත්තු ගාස්තු ලෙස සංස්ථාව යළි අය කරගැනීමට සුදානම්වීම හේතුවෙන් සිපෙට්කෝ ඉන්ධන හල් වැසීයාමේ අවදානමක් මතුවී ඇති බව ඉන්ධන බෙදුම්කරුවන්ගේ සංගමය පෙන්වාදෙනු ලබයි .

මේ සම්බන්ධයෙන් අද (22) දිනයේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට සැලසුම්කර ඇති බව ඛණිජ තෙල් බෙදුම්කරුවන්ගේ සම ලේකම් කපිල නාඔටුන්න මහතා ප්‍රකාශ කරන ලදී .

Exit mobile version