සජිත්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ හමුවක්.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ නායකයින් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වීමට නියමිත බව වාර්තා වේ.

 ඒ සඳහා විපක්ෂය නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කර තිබෙන අතර මෙම සාකච්ඡාවට සහභාගී වීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයට අමතරව සෙසු විපක්ෂයේ දේශපාලන පක්ෂ නිශ්චිත අදහසක් ඉදිරිපත් කර නොමැති බව සඳහන්.

එළඹෙන පාර්ලිමේන්තු සැසි වාරයේදී මහ බැංකු පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳව විපක්ෂය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙනුත් , පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු පිළිබඳව විපක්ෂයේ දේශපාලන පක්ෂ එක්ව කටයුතු කිරීම සම්බන්ධයෙනුත් මෙම සාකච්ඡාවේදී අවධානය යොමු කිරීමට නියමිත බව වාර්තා කරයි.  

Exit mobile version