අලුතින් බාර් දාන්න ඉන්න අයට විශේෂ පණිවිඩයක් .

ඉදිරියේදී රට බීමහල් ආරම්භ කරන ඕනෑම පුද්ගලයකුට රුපියල් කෝටියක මූලික ගාස්තුවක් අනිවාර්යයෙන්ම තැන්පත් කිරීමට සිදුවන බවට මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසා ඇති බව වාර්තා වේ.

මත්පැන් විවෘත කිරීමේදී මෙතෙක් එවැනි මූලික ගාස්තුවක් අය නොකෙරිණ.

රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ සුරා බදු බලපත්‍ර ඉතාමත් නිත්‍යානුකූල ආකාරයට ලබාදීමට කටයුතු සිදු කෙරෙමින් පවතින බවයි.

එමෙන්ම රා බී 4 යන බලපත්‍රයට වැඩි ඉල්ලුමක් පවතින හෙයින් එම බලපත්‍රය නිකුත් කිරීමේදී මූලික ගාස්තුවක් වශයෙන් රුපියල් කෝටියක මුදලක් ගැනීමට බලාපොරොත්තු වන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Exit mobile version