IMF නියෝජිතයින් එක්ව විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් දින 9ක් පුරා මෙරට සිදුකළ සංචාරය අද (19) නිමා කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට හඳුන්වා දී ඇති වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම, මෙරට ආර්ථික යථා තත්ත්වයට පත්වෙන ආකාරය සොයා බැලීම සහ සර්ව ආර්ථික සංවර්ධනය ගැන සොයාබැලීම ඔවුන්ගේ සංචාරයේ අරමුණු විය.

ඔවුන් මේ වනවිට ශ්‍රී ලංකා මහ බැංකුවේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වී සිටින බව වාර්තා වේ.

Exit mobile version