විදුලි බිලේ සංශෝධනය පිළිබඳව විශේෂ දැනුම්දීමක් .

විදුලි ගාස්තු සංශෝධන‍ය සම්බන්ධයෙන් යෝජනාවක් තම කොමිසම වෙත අනුමැතිය සදහා බාර දී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවට මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම කොමිසම මේ බව සඳහන් කර තිබේ.

ඇතැම් මාධ්‍ය විසින් එවැනි යෝජනාවක් ලංකා විදුලි බල මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වෙත භාරදී ඇති බවට වාර්තා කර තිබුණද අද (08) දක්වා එවැනි යෝජනාවක් තම කොමිසම වෙත ලැබී නොමැති බවට එම නිවේදනයේ දැක්වේ.

Exit mobile version