ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම් දීමක්.

වේලාවක් වෙන් කරා ගැනීමෙන් තොරව විදේශ ගමන් බලපත්‍ර සේවා සඳහා නොපැමිණෙන බවත් , දැනට සේවා සපයනු ලබන්නේ මීට පෙර දිනයක් සහ වේලවක් වෙන් කරගත් පුද්ගලයින් සඳහා පමණක් බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

එමෙන්ම ඉදිරි සති දෙක තුළදී විදේශ ගමන් බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දීමට කටයුතු කරන බවත් , වෛද්‍ය ප්‍රතිකාර සඳහා හදිසියේ විදේශගත වීමට අවශ්‍ය අයට , වෙනත් හේතූන් මත හදිසියේ විදේශගත වීමට අවශ්‍ය අයට සහ සංචාරය සඳහා මෙරටට පැමිණ සිටින පුද්ගලයින්ටත් ඊට අදාළ ලියකියවිලි සමඟ ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණිය හැකි බවද එම දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ප්‍රකාශ කළ බව සඳහන්.

Exit mobile version