සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම් දීමක්.

මෙම වර්ෂයේ පැවති 2022 වර්ෂයට අදාළ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මස 02 වනදා සිට ආරම්භ කිරීමට කටයුතු කරන බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළ බව වාර්තා වේ.

ඒ අනුව සංගීතය , නැටුම් , නාට්‍ය හා රංග කලාව යන විෂයන්වලට අදාළව ප්‍රායෝගික පරීක්ෂණ අගෝස්තු මස 12 වනදා දක්වාත් , අපරදිග සංගීත විෂයට අදාළව ශ්‍රවණ පරීක්ෂණය අගෝස්තු මස 06 වනදාත් පැවැත්වෙන බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

එමෙන්ම පෙර වර්ෂවල පැවති ප්‍රායෝගික පරීක්ෂණ සඳහා යොදා ගත් ඇගයීම් ක්‍රමවේදයන්හි වෙනසක් කර නොමැති බවත් , මෙවරද එම ක්‍රමවේදය යටතේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වෙන බවත් , පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන්ගේ විභාග ප්‍රවේශපත්‍ර ඉදිරියේ දී තැපැල් මඟින් ලැබීමට සලස්වන බවත් විභාග දෙපාර්තමේන්තුව සඳහන් කර තිබේ.

තවද ප්‍රායෝගික පරීක්ෂණ සම්බන්ධයෙන් යම් කිසි ගැටලුවක් වේ නම් විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික දුරකථන ඇමතුම් අංකය වන 1911 ට හෝ 011 2 782 208 , 011 2 784 537 හෝ 011 2 786 616 යන දුරකථන අංක ඔස්සේ ඉදිපත් කළ හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් නිවේදනය කර තිබේ.

Exit mobile version