කොළඹට ඇතුළුවන සහ පිටවන දුර ගමන් සේවා බස් රථවලින් ප්‍රවාහනය කරන මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව සහ මහනුවර යන මාර්ග ආවරණය වන පරිදි විශේෂ පරීක්ෂාවක් පොලිස් මූලස්ථානයේ අධීක්ෂණයෙන් අද (5) ආරම්භ කළ බවට පොලිස් මූලස්ථානය පැවසූ බව වාර්තා වේ.
‘යුක්තිය’ මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක කරන මෙම පරීක්ෂාව මීගමුව මාර්ගයේ ඔලියමුල්ල ප්‍රදේශයේ ද, මහනුවර මාර්ගයේ කිරිබත්ගොඩ ප්‍රදේශයේ ද, මාර්ග බාධක යොදා ක්‍රියාත්මක කළ බව කී පොලිස් මූලස්ථානය ඊට අමතරව සමස්ත රටම ආවරණය වන පරිදි පොලිස් කොට්ඨාස 45 ආවරණය වන පරිදි ද බස් රථ පරීක්ෂා කරන බව ද සඳහන් කර තිබේ.