වෙසක් උත්සවය නිමිත්තෙන් බන්ධනාගාර සිරකරුවන් බැලීම සඳහා අමුත්තන් හට විෂේෂ අවස්ථාවක් ලෙස හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින ලබා දෙන බවත් , මෙම දෙදින තුළ සිරකරුවන්ගේ ඥාතීන් විසින් නිවසින් රැගෙන එන ආහාර පාර්සල් ,රසකැවිලි එක් අයෙකුට ප්‍රමාණවත් වන පරිද්දෙන් ලබා දීමට හැකියාවක් පවතින බවත් වාර්තා වේ.
එමෙන්ම බන්ධනාගාර නීති රීති වලට අනුකූල වන පරිද්දෙන් නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් අනුගමය කරමින් අමුත්තන් පෙන්වීමට කටයුතු කරන බවත් , දිවයිනේ සියලු බන්ධනාගාර ආයතන විසින් මෙම පහසුකම ලබා දී ඇති බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක අතිරේක කොමසාරිස් චන්දන ඒකනායක මහතා සඳහන් කර තිබේ.