අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් විශේෂ වැඩසටහනක්.

වාරි මාර්ග , ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ ජලධාරා හා ජල සම්පත් කළමණාකරණය ව්‍යාපෘති හා දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර වැඩසටහන යටතේ ව්‍යාපෘති ප්‍රමුඛතාගත කිරීමේ රැස්වීමක් අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේදී ඊයේ (14) පැවැත්වුණු බව වාර්තා වේ.

එහිදී රටේ ආහාර සුරක්ෂිතතාවය සවිමත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ වාරි පද්ධතිය ශක්තිමත් කිරීම මෙම වැඩසටහන යටතේ සිදු කිරීමට සාකච්ඡා කර ඇති අතර එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සදහා අනුරාධපුර දිස්ත්‍රික්කට  ප්‍රතිපාදන ලෙස රුපියල් මිලියන 450ක්  වෙන් කිරීමට රජය කටයුතු කරන බව සදහන් කරන ලදී.එමෙන්ම මෙම ප්‍රතිපාදන අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ අනුමැතිය පරිදි සිදු කරන බව වාර්තා වේ.

මෙම රැස්වීමේදී ප්‍රමුඛතාගත කිරීම සදහා ගොවි නියෝජිතයන්ගෙන් සංවර්ධන යෝජනා හා අදහස් ලබා ගැනීමද සිදු වූ බවට වාර්තා කරයි.

Exit mobile version