ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු වේලාවකට පෙර පාර්ලිමේන්තු සභාගර්භයට පැමිණි අතර ඔහු විශේෂ ප්‍රකාශයක් සිදු කර ඇති බව වාර්තා වේ.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා සඳහන් කර සිටියේ, අද වනවිට රට ආර්ථික ස්ථාවරත්වයකට පත්ව ඇති බව සියලුදෙනා පිළිගත්ත ද එසේ නොපෙන්වා ඇතැමුන් විවේචන එල්ල කරන බවයි.
“ආර්ථිකයේ ශක්තිමත් බවක් පෙනෙන්නට තිබුණත් ඒක ජනතාවට පේන්නෙ නෑ කියලා සමහරු චෝදනා කරනවා. ජනතාවට අනවශ්‍ය ලෙස බදු බර පටවලා කියලාත් චෝදනා කරනවා. විදුලි බිල, ඉන්ධන ගාස්තු ඕනවාට වඩා ඉහළ දමා ඇති බව ද කියනවා. සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා මල නොතලා රොන් ගන්නවා වගේ තමයි ජනතාවගේ බදු අයකර ගත යුත්තේ කියලා. හැබැයි අපි ඒ පිළිවෙත රකින්නේ නෑ කියලා අපිව විවේචනය කරනවා. හැබැයි ඒ විවේචකයින් අමතක කරන දෙයක් තියෙනවා. මල් තලමින් රොන් ගන්නා අවස්ථා ද තියෙනවා. මේක අපිට අපූරු පාඩමක්. සාමාන්‍ය තත්ත්වයකදී මල් නොතලා රොන් ගන්න පුළුවන් වුණාට අනතුරේ යද්දි එහෙම බෑ. එතනදි තත්ත්වය වෙනස්. අද අපිත් යන්නේ අනතුරේ. පහුගිය කාලේ අපිට සිදුවුණේ ආර්ථික වැල්පාලම තරණය කරන්න.”