අද සිට විශේෂ රථවාහන මෙහෙයුමක්.

දිවයින පුරා පොලිස් කොට්ඨාස ආවරණය වන පරිදි විශේෂ රථවාහන මෙහෙයුමක් අද (05) සිට ආරම්භ කරන බවට පොලිස් මාධ්‍ය ඒකකය පවසා ඇති බව වාර්තා වේ.

ඒ, යුක්තිය මෙහෙයුමට සමගාමීවයි. 

ඒ අනුව අද සිට සතියක් මෙම රථවාහන මෙහෙයුම ක්‍රියාත්මක වනු ඇති.

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය අඩපණ කිරීමේ අරමුණින් මෙම මෙහෙයුම ක්‍රියාත්මක බවට පොලිසිය පවසා තිබේ.

Exit mobile version