අදත් ගාලුමුවදොර ආශ්‍රිතව විශේෂ රථවාහන සැලැස්මක් .

නිදහස් දින පෙරහුරු හේතුවෙන් අදත් (31) ගාලුමුවදොර ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවට පොලීසිය පවසයි.

රථවාහන කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසා ඇත්තේ පෙරවරු 6.00 සිට පෙරවරු 8.30 දක්වාත්,පෙරවරු 11.00 සිට පස්වරු 12.30 දක්වාත් අදාළ රථවාහන සැලැස්ම ක්‍රියාත්මක බවයි.

පොලීසිය පැවසුවේ, ලබන 04 වැනි දාට යෙදෙන නිදහස් දිනය වෙනුවෙන් කොළඹ ආශ්‍රිතව විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බවයි.

Exit mobile version